දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩය වගේම හොලිවුඩයත් ජයගත්ත නිළියක්. මර් නිසාම ලන්ඩනයෙන් දීපිකට ලොකු තෑග්ගක් දෙන්නේ තීරණය කරලා. ඒ තමයි දීපිකාගේ ඉටි රූපයක් “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට එකතු කරන්න.
ලන්ඩනයේ තියෙන “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට තාමත් බොලිවුඩ් නිළියකගේ ඉටි රූපයක් එකතු කරලා නෑ. ඒ නිසා ඒ අවස්ථාව ලැබුණ පළවෙනි බොලිවුඩ් නිළිය විදියට දීපිකා පදුකෝන් ඉතිහාසගත වෙනවා.
මේ ඉටි රූපය හදන්න ඕන මිමි සහ තොරතුරු දෙන්න දීපිකා පහුගිය දවසක “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට ගිහින් තිබුණා.