News Line| Off Air| Games
Generic placeholder image

Jul
30

වසර 15 කට පසු රතු ග්‍රහයා පෘතුවිය දෙසට එයි. හෙට රෑ අහසේ පේන දේ මෙන්න. (VIDEO)

799 Views


වසර 15 කට පසු රතු ග්‍රහයා පෘතුවිය දෙසට එයි. හෙට රෑ අහසේ පේන දේ මෙන්න. (VIDEO)

ඉර බැහැල ගියාට පස්සේ නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවෙලා, අලුයම් කාලයේදී බටහිර ක්ෂිතිජයෙන් උදාවන අඟහරු ග‍්‍රහයා තමයි චන්ද්‍රයා හැරුණු විට රාත‍්‍රී අහසේ තියෙන දීප්තිමත්ව ග‍්‍රහ වස්තුව වෙන්නේ. අහසේ රත් පැහැයෙන් දිලෙන අඟහරු ග‍්‍රහයා හෙට ඉඳන් පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන බව ඇමරිකාවේ නාසා ආයතනය කියනවා. තාරකා විද්‍යාඥයන් කියන්නේ අඟහරු ග‍්‍රහයා සුර්යයාට විරුද්ධ දිශාවේ පිහිටනව කියලයි. 2018 අවුරුද්දේ මේ සිද්ධිය ඔබට පෙන්නේ, අවුරුදු 15 කට පස්සේ කියලයි නාසා ආයතනය කියන්නේ.

මේ සිද්ධිය ශ‍්‍රී ලංකාව ඇතුලූ බොහෝ රටවලට හෙට ඉඳන් දින කිහිපයක් රාත‍්‍රී 7 සිට 10 දක්වා කාලයේදී අඟහරු ග්‍රහයා ඉතා පැහැදිළිව බලන්න පුළුවන් වෙනවා. මේ සිදුවීම දුරේක්ෂ මගින් නිරීක්ෂණය කරන්න හෙට රාත‍්‍රී 7 සිට 10 දක්වා කොළඹ විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේ තියෙන අහස නිරීක්ෂණ කදවුරක් සංවිධානය කරල තියෙනවා.

තාරකා විද්‍යාවට ඇලූම් කරන ඕනෑම කෙනෙක්ට එම කඳවුරට එන්න කියල කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අරාධනා කරනවා.

https://youtu.be/nhyfAxtcEng


News Articles
Latest Videos
Most Popular Post