News Line| Off Air
Generic placeholder image

Aug
3

අගමැති ධූරයට පත් ක්‍රිකට් නායකයා ක්‍රිකට් රජවරුන් සමඟ දිවුරුම් දෙයි.

1659 Views


අගමැති ධූරයට පත් ක්‍රිකට් නායකයා ක්‍රිකට් රජවරුන් සමඟ දිවුරුම් දෙයි.

ක්‍රිකට් ලෝක කුසලානයක් දින්න නායකයෙක්ට මුළු රටම භාර දෙන්න ජනතාව තීරණය කරලා තියෙනවා. ඒ අපේ අසල්වැසි පාකිස්තානයේ. පහුගිය දා පාකිස්තානයේ තිබ්බ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කරා.

තවත් දින කිහිපයකින් ඔහු පාකිස්තානයේ අගමැති විදියට දිවුරුම් දෙන්න නියමිතයි. ඉම්රාන් ඛාන් දිව්රුම් දෙන උත්සවයට විශේෂ තරු 4 කට ආරාධනා කරලා තියෙනවා. ඉන් 3 දෙනෙක්ම ඉම්රාන් ඛාන්ගේ සමකාලීන ක්‍රිකට් මිතුරන්.

සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජෝට් සිං තමයි ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්. අනිත් අමුත්තා තමයි සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන්. ලබන 11 වෙනිදා ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන දිව්රුම් දීමේ උත්සවයට ඔවුනුත් සහභාගී වෙන්න නියමිතයි.

කොහොම වුනත් ඉන්දියාවේ අගමැති මෝදිට නම් ආරාධනා කරනවද නැද්ද කියලා තාම තීරණය කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post