News Line| Off Air
Generic placeholder image

Aug
3

සීනි වලට යූරියා කවලම් කර විකුණලා. ඔබේ ගෙදර සීනි බෝතලෙත් පරික්ෂා කරලා බලන්න.

900 Views


සීනි වලට යූරියා කවලම් කර විකුණලා. ඔබේ ගෙදර සීනි බෝතලෙත් පරික්ෂා කරලා බලන්න.

සතෙක්ගේ වුනත් කෑමකට වසක් විසක් දාන සිරිතක් ශ්‍රී ලාංකිකයන්ගේ නෑ. මොකද කුසගින්නට කන ආහාර ටිකේ වැදගත්කම හැමෝම දන්නා නිසා. හැබැයි ඒ අතරේ ,තමන්ගේ මඩිය තර කර ගන්න අනිත් අයට වස වුනත් කවන පව්කාරයින් ඉන්නවා.

වවුනියාව සතොස ගබඩාවේ සීනි වලට යූරියා කවලම් කරලා කියලා වවුනියාවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වවුනියාව සතොස ශාඛාවෙන් සීනි මිළදිගත් පිරිස් ‍වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.

යුරියා මිශ්‍ර වි පවතින සීනි කුඩාදරුවන්ට හෝ වැඩිහිටියන්ට ලබාදීළා තියේ නම් වහාම රෝහල්ග වෙන්න කියලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිනවා.

සතොස ශාඛාවේ සේවය කළ පුද්ගලයෙක් යූරියා පොහොර සිය පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් ගෙනල්ලා තියෙනවා. සතොස ශාඛාවෙන් භාණ්ඩ මිළදිගත් පුද්ගලයෙක් ගත්ත බඩු ගෙනියන්න උරයක් ඉල්ලා. ඒ වෙලාවේ සතොස සේවකයෙක් ගබඩාවේ තියෙන උරයක් ගන්න කියලා දැනුම් දීලා තියෙනවා.

පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි කියලා හිතලා සීනි පුරවා තැබු පෙට්ටියට අදාළ පුද්ගලයා හලලා, පස්සේ සතොස සේවකයෙක් ඊට උඩින් තවත් සීනි තොගයක් හලලා තියෙනවා. වවුනුයාව පොලීසිය මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post