පරාජයේ රැල්ලට ගහගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයේ තුත්තිරි ගහක් හොයන වෙලාවක් මේක. දකුණු අප්‍රිකාව එක්ක 3 වෙනි එක්දින තරඟය හෙට නුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මේ වෙද්දී එක්දින තරඟාවලියේ පළවෙනි තරඟ 2 ම දිනලා දකුණු අප්‍රිකාව හොඳ මානසිකත්වයකින් ඉන්නවා. හෙට තරඟයත් ඔවුන් ජයග්‍රහණය කරොත් තරඟාවලියේ ජයග්‍රහණයත් ඔවුන්ට හිමි වෙනවා. ඒ නිසා හෙට තරඟය අනිවාර්යෙන්ම දිනන්න ලංකාවට සිද්ධ වෙනවා.
මීට කලින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරඟ 3 කදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 2 ක් ම ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. කොහොම වුනත් මේ තරඟය ජයග්‍රහණය කරන්න නම් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි තරඟ වල දක්වපු දුර්වල පන්දු රැකීම් නිවැරදි කර ගන්න වෙනවා.