News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

“මගෙ අම්මෝ ආයෙනම් කොහෙත්ම එපා… ඒත් ඒක හරිම පිස්සුවක් වගේම විහිළුවක්…” – දේශපාලනය ගැන උපේක්‍ෂා ස්වර්ණමාලි දැන් කියන කතාව.

558 Views


“මගෙ අම්මෝ ආයෙනම් කොහෙත්ම එපා… ඒත් ඒක හරිම පිස්සුවක් වගේම විහිළුවක්…” – දේශපාලනය ගැන උපේක්‍ෂා ස්වර්ණමාලි දැන් කියන කතාව.

උපේක්‍ෂා ස්වර්ණමාලි කින්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා දැක්වූ දස්කම් නිසා.ඒ වගේම පස්සේ කාලෙකදී දේශපාලනයට ආපු නිසා. එත් මේ දවස්වල ඇය අපට දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසාම මේ තියෙන්නේ පුවත්පතකට කියපු ඇයගේ අලුත්ම තොරතුරු…

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නෙ අද අපිට ඉතා අඩුවෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්…

ඔව්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. ඒකට ප‍්‍රධානම හේතුව මගේ දරුවා. අනෙක් කාරණය බාරගෙන රංගනයෙන් දායක වෙන්න පුළුවන් විදියේ නිර්මාණවල හිඟකම. ඒත් මම දකින්නම නැත්තෙත් නෑ. සියපත නාලිකාවේ විකාශය වන නේත‍්‍රා සහ හිරු නාලිකාවේ විකාශය වන අහස් මාළිගා කියන ටෙලි ඩ‍්‍රාමා දෙක හරහා මම පේ‍්‍රක්‍ෂකයො අතරට එනවා. හිතුවට වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ඒ කියන්නේ අම්ම කෙනෙක් වුණ නිසා ඔබ පැත්තකට වුණා.

ඇත්තටම ඉස්සර වගේ සියයට සියයක් ලැබෙන නිර්මාණ බාරගන්න බෑ සහ බාරගන්නේ නෑ. මාසෙකට දවස් 10 ක් වගේ තමයි නිර්මාණවලට වෙන් කරල තියෙන්නේ. ඒ දවස් දහයෙත් පැය විසිහතරම වෙන් කරන්න අමාරුයි දුව තාම පුංචි නිසා. ඉතිරි දවස් 20 ම මම වෙන් කරල තියෙන්නේ මගේ පවුල වෙනුවෙන්.

අධ්‍යක්‍ෂවරු දෙන අවස්ථා උපේක්‍ෂා බාර නොගන්න අවස්ථා තියෙනවද?

අනිවාර්යයෙන් මම විතරක් නෙමෙයි ඕනම රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් එහෙමයි. පිටපත බලල අපිට හරියනව නම් තමයි බාරගන්නේ. අනික අපේ හැකියාවට ලැබෙන මුදල ප‍්‍රමාණවත් විය යුතුමයි. ඒ විදියට මගේ කොන්දේසිවලට අනුකූල වෙන අතරෙ මට කරන්න තියෙන චරිතය ගැනත් මම සැලකිලිමත් වෙනවා. බිරිඳක් මවක් විදියට මගේ ප‍්‍රතිරූපයට හානියක් නම් මට ඕනෑම ආරාධනාවක් ප‍්‍රතික්‍ෂේප කරනවා.

දැන් ඉතින් පෙම්වතියගෙ චරිතය රඟපාන්න බැහැ නේද?

බැරිකමක් නෑ. ඒ චරිතය මට දෙනවද කියල තීරණය කරන්නේ නිර්මාණවලට අපිව තෝරාගන්න අය. ඊළඟට ඒ රඟපෑම සාර්ථක ද කියල තීරණය කරන්නෙ පේ‍්‍රක්‍ෂකයො. කසාද බැඳල අම්ම කෙනෙක් වුණා කියල තරුණ චරිතයක් නිරූපණය කිරීමට නොහැකියාවක් මා තුළ කොහෙත්ම නෑ.

මෙහෙම ගියොත් රසිකයන්ට උපේක්‍ෂව අමතක වෙලාම යයි නේද?

මම හිතන්නේ නෑ. පබා තරමටම රසිකයන්ට ළං නොවුණට මම රසිකයෝ සමඟත් ඔවුන් මා සමඟත් ඉන්න බව මට හොඳටම හැෙඟන දෙයක්. ලොකුවට ජනපි‍්‍රයත්වයේ රැඳෙන්න මම උනන්දු වෙන්නේ නෑ. රංගන ශිල්පිනියක් විදියට මට ආදරයකරන පිරිස සමඟ මම යන මේ ගමන මට හොඳටම ඇති.

කොහොමද ගෙදර වැඩකටයුතු?

බොහොම හොඳින් කෙරෙනවා. ඒ සඳහා උදව්වට කෙනෙක් ඉන්නවා. මහත්තයත් එයාගෙ අම්මත් මට විශාල සහයෝගයක් දෙනවා. අදටත් මව්කිරි දෙමින් දරුවගේ සියලූ වැඩකටයුතු කෙරෙන්නෙ මගේ අතින්. එහෙම නොවෙන්නෙ කලාතුරකින්. ඒක මගේ වගකීමක් විදියටයි මම හිතන්නේ.

දුව නිසා උපේක්‍ෂාගේ ජීවිතේ වෙනස්වෙලා කිව්වොත්

පැහැදිලිවම සියයට දෙසීයක්. ඒක මට විතරක් නෙමෙයි ඕනම කාන්තාවක් තුළ ඉබේම ඇතිවෙන තත්ත්වයක්. විවාහ වෙලා දරුවෙක් ලැබුණට පස්සෙ පෙර තිබුණ සැහැල්ලූ ජීවිතෙන් මිදිල ඒ වගකීම් දරන්න වෙනවා. දුව නිසා දැන් මට පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ තුළ මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා තමයි.

නෑ කිව්වට රඟපෑමට සැමියගෙන් තහංචි වැටෙනව වගේ?

මේ වෙනකම් මට සැමියගෙන් කිසිම තහංචියක් වැටිල නෑ. ඉදිරියේදී තහංචියක් වැටුණොත් ඒකට යටත් වෙන්නත් මම සූදානම්. මොකද ඒ මගේ සැමියනෙ. ඒත් මගේ සැමියා පටු අදහස් තියෙන බොළඳ චරිතයක් නොමෙයි. ඔහුට මේ සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. සැමියෙක් විදියට මා ගැන උපරිම ලෙස සොයා බලනවා. ඒ තුළ අපි අවබෝධයෙන් ජීවත් වෙනවා.

රඟපාන්න නැතුව ඉන්න එක අපරාධයක් කියල හිතන්නේ නැද්ද?

ලැබෙන හැම චරිතයක්ම බදාගෙන අසාර්ථක වෙනවට වඩා කරන එක හරි හොඳට කරනව කියන තැනයි මම ඉන්නේ. මගේ සතුට හැමදාමත් ප‍්‍රමාණය ගැන නෙමෙයි සාර්ථකයි කියන තැනයි.

දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ආපහු දේශපාලනයට ආවොත් නරකද?

මගෙ අම්මෝ ආයෙනම් කොහෙත්ම එපා. මම දේශපාලනේට සම්බන්ධ වෙලා හිටිය තමයි. ඒත් ඒක හරිම පිස්සුවක් වගේම විහිළුවක්.

දේශපාලනෙන් ලැබුණ එකම දේ සැමියා කියන්නේ ඇත්තද?

ඔව්නේ. ඒ හොඳ හිත මට හමුවුණේ දේශපාලනේ කරද්දිනෙ. ඒක සම්පූර්ණ ඇත්ත.

ඒ කියන්නෙ දේශපාලනෙන් වෙන වාසි ගත්තෙම නෑ කියලද?

ඔය අහන්නෙ මට ලැබෙන විශ‍්‍රාම වැටුප ගැන වෙන්න ඇති. මට එහෙම එකක් ලැබෙනවා සහ ඒක බොහෝ දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන බව මම හොඳටම දන්නවා. හැබැයි ඒ ගැන හොයන මිනිස්සු මම රඟපාල හම්බ කරගත්තු සල්ලි ඒ කාලෙ දේශපාලනේට යම් යම් අවස්ථාවල යොදවන්න වුණා කියන එක දන්නෙ නෑනෙ. ඕනම දේක දෙපැත්තක් තියෙනව කියල ගොඩක් දෙනෙක් හිතන්නෙ නැතුව තමන්ගේ මතේ ඉඳන් විවේචන ගේනවා. ඒත් මට ඕව අදාළ නෑ මම කරපුවා මගේ හිත දන්නවා. කොහොම වුණත් අපේ රටේ විහිළු දේශපාලන කලාවට ආයෙ උපේක්‍ෂා ස්වර්ණමාලි කියන නම ගාවන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post