එක්දින තරඟාවලිය මේ වෙද්දී දකුණු අප්‍රිකාවට Off Season එකක් වෙලා තියෙන්නේ. පළවෙනි තරඟ 3 ම ලංකාව උඩින්ම පැරදුණා. කොහොම වුනත් 4 වෙනි තරඟයේ ලංකාවට සහනයක් වෙන ආරංචියක් ලැබුණා.
ඒ දකුණු අප්‍රිකානු නායකයා ෆෆ් ඩු ප්ලෙසිස් ශ්‍රී ලංකා සංචාරයේ ඉතිරි තරඟ වලින් ඉවත් කරලා තියෙනවා. ඒ ඔහුගේ උරහිසේ ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව වෙලා නැති නිසා. පල්ලෙකැලේ තිබ්බ 3 වෙනි තරඟයේදී පන්දු රකිමින් සිටියදී තමයි මේ අබාධය ඇති වුණේ.
මේ නිසා අවසන් එක්දින තරඟ 2 ට සහ T20 තරඟයට අලුත් නායකයෙක් දකුණු අප්‍රිකාව පත් කරන්න නියමිතයි. බොහෝ විට හෂීම් අම්ලාට හරි ඒඞ්න් මාක්‍රම්ට ඒ වගකීම පවරයි කියලයි වාර්තා වෙන්නේ.