News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

අපි Plan එක වෙනස් කරනවා. මාලිංගටත් Chance එකක් ලබෙයි. – තිලාන් කියයි.

3484 Views


අපි Plan එක වෙනස් කරනවා. මාලිංගටත් Chance එකක් ලබෙයි. – තිලාන් කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තාමත් ඉන්නේ පරාජයේ රැල්ලට ගහගෙන යන ගමන්. ගිලෙන්න යන ශ්‍රී ලංකා ක්‍රිකට් නැව ගොඩ ගන්න මේ නැවෙන් එලියට දාපු කපිතාන් කෙනෙක් ආයෙත් නැවට ගනී කියලා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නවා.

ඔහු තමයි ලසිත් මාලිංග. මාලිංගව ආයෙත් කණ්ඩායමට ගන්න කියලා දඹුල්ලේ තිබ්බ දෙවෙනි තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විරෝධතාවකුත් කරා. 3 වෙනි එක්දින තරඟයෙන් පස්සේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මාලිංග ගැනත් කතා කරා.

පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර කිව්වේ 2019 ලෝක කුසලානයට හදපු සැලැස්මේ ලසිත් මාලිංගගේ නමත් තියෙනවා කියලා. හැබැයි අවසන් තීරණය ගන්නේ තේරීම් කමිටුව, පුහුණුකරු සහ නායකයා කියලා තිලාන් වැඩි දුරටත් කිව්වා.

කොහොම වුනත් දකුණු අප්‍රිකාව සමඟ T20 තරඟයේදී මාලිංගට අවස්තාවක් ලැබෙයි කියලත් ඔහු කිව්වා. ඒ වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් තාම ඒ ගැන තහවුරු කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post