එක්දින තරඟාවලිය මේ වෙද්දී 3 – 0 ක් විදියට අප්‍රිකානුවන් ජය තහවුරු කර ගෙන තියෙන්නේ. කොහොම වුනත් ලංකාවට ජාමේ බේරා ගන්න තවත් තරඟ 2 ක් ඉතිරි වෙලා තියෙනවා.
දකුණු අප්‍රිකානු තරඟාවලිය ඒ විදියට පරාජය වෙද්දී ඉදිරි තරඟාවලි ජයග්‍රහණයට ලංකාව තවත් තුරුම්පුවක් සූදානම් කරන්න හදනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යවන්න දීලා. ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදී මැතිව්ස් මේ බව සඳහන් කරා.
ඉදිරි මාස 2, 3 අතුලත ආයෙත් පන්දු යවන්න පුරුදු වෙනවා කියලා මැතිව්ස් කිව්වා. ආබාධය සම්පූර්ණයෙන් සුව වෙලා නැති නිසා දැන්ම පන්දු යවන්න බෑ කියලා ඔහු වැඩි දුරටත් සඳහන් කරා.
කොහොම වුනත් මැතිව්ස්ව පූර්ණ කාලීන පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මීට කලින් සඳහන් කරා.