ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සෙනසුරු අපල ලබලද කොහෙද. හැමදාම කොහේ හරි දුම්රිය මාර්ගයක අනතුරක්, ප්‍රමාදයක් වෙනවා. පෙරේදා දුම්රිය දෙකක් එකිනෙක ගැටුණා. ඒ සිද්ධිය අවසන් වෙනවත් එක්කම මුහුදුබඩ දුම්රිය මාර්ගය කැඩිලා.
අඟුලාන ප්‍රදේශයේ පීල්ලක් කැඩී යාම නිසා මේ වෙද්දී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා. තාමත් ඒ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කරලා නෑ.