News Line| Off Air
Generic placeholder image

Aug
9

දකුණු අප්‍රිකාවට ලංකාවෙන් තවත් ප්‍රහාරයක්. දිමුත් සහ සදීර පළවෙනි කඩුල්ලට ලකුණු 250 සබඳතාවක්. – Video

4161 Views


දකුණු අප්‍රිකාවට ලංකාවෙන් තවත් ප්‍රහාරයක්. දිමුත් සහ සදීර පළවෙනි කඩුල්ලට ලකුණු 250 සබඳතාවක්. – Video

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳ කාලය ආයෙත් ලබලා තියෙනවා. ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්ක තිබ්බ එක්දින තරඟයත් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න සමත් වුණා.

මේ වෙද්දී දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර එක්දින තරඟය පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත්ත දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම මුලින්ම පන්දුවට් පහර දෙන්න ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ආරාධනා කරා.

ආරම්භක පිතිකරු යුවල විදියට පිටියට ආව දිමුත් සහ සදීර දකුණු අප්‍රිකාවේ පොඩ්ඩන්ටත් අමතක නොවන පාඩමක් ඉගැන්නුවා. පළවෙනි කඩුල්ලට ඔවුන් දෙදෙනා දැවැන්ත ලකුණු 252 ක සබඳතාවක් ගොඩ නැගුවා.

දිමුත් කරුණාරත්න ලකුණු 15 ක් රැස් කරා. ඒ 4 පහර 14 ක් සමඟින්. සදීර සමරවික්‍රම ලකුණු 141 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමර 6 පහරක් සහ 4 පහර 17 ක් ඇතුලත් වුණා.

ඊට පස්සේ පිටියේ එකතු වුන චන්දිමාල් සහ ගුණතිලක වේගවත් ප්‍රහාරයක් දියත් කරා. නායක චන්දිමාල් පන්දු 38 කදී ලකුණු 58 ක් රස කරා. ඒ 4 පහර 5 ක් සහ දැවැන්ත 6 පහර 2 ක් සමඟින්. ගුණතිලක නොදැවී ලකුණු 35 යි.

පන්දුවාර 50 අවසානයේ ලංකාව ලකුණු 376 ක් ලබා ගත්තා. ඒ කඩුලු 3 ක් විතරක් දැවී. Sipamla ලංකාවේ කඩුලු 2 ක් දවා ගත්තා. ලකුණු 377 ක ඉලක්කයක් හඹා ගෙන යන දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම මේ වෙද්දී කඩුලු 3 ක් දැවී ලකුණු 62 ක් ලබා ගෙන ඉන්නවා.

https://youtu.be/ToMNen7YstY


News Articles
Latest Videos
Most Popular Post