News Line| Off Air| Games
Generic placeholder image

Aug
9

ශ්‍රී ලංකාව ගුවන් යානා හදන්න පටන් ගනී.

1324 Views


ශ්‍රී ලංකාව ගුවන් යානා හදන්න පටන් ගනී.

හෙළ ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ලෝකයට ගුවන් යානා මුලින්ම හඳුන්වා දුන්නේ ලංකාව. මහා රාවණා රජතුමාගේ දඬු මොණරය තමයි ලෝකයේ පළවෙනි ගුවන් යානය විදියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

ඊට පස්සේ කිසිම ගුවන් යානයක් හදන්න ලංකාවේ මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. හැබැයි ආයෙත් ගුවන් යානා හදන්න ලංකාව සූදානම් වෙනවා. ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ කළ හැකි බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සඳහන් කරනවා.

මහනුවර ශ්‍රී දළදා මාළිගයට ආපු වෙලාවේ තමයි ඔහු මේ බව ප්‍රකශ කරේ. ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව ඊට අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා කියලා ඔහු වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post