අද එක ලග්නයකට හමු නොවුණු දෙයක් නැවත ලැබෙන දවසක්. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.
809 Views
අද 2018 අගෝස්තු මස 10 වන සිකුරාදා
රාහු කාලය දිවා කාලය: සඳහා දහවල් 10.43 සිට 12.15 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.48 සිට 12.16 දක්වා
සුභ දිශාව: උතුර
මාරු සිටින දිශාව: ගිනිකොන
මේෂ ලග්නය

පෙර පින ඉස්මතුවන දවසක් පුණ්‍ය වන්ත ගමන් බිමන් යන්න සුබ දවසක් .අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන දවසක් . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 06
වෘෂභ ලග්නය

ශරීර සෞඛ්‍ය ගැන වැඩිපුර සිතිය යුතුයි අද දවසේ ලග්න පලා පලයට අනුව. කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. අන් අයට ආදරයෙන් සළකන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දුඹුරු පැහැය ජය අංකය: 05
මිථුන ලග්නය

අද දවසේ ලග්න පලා පලය අනුව හවුල්ව්‍යපර කටයුතු වලට එතරම් සුබ දවසක් නොවේ එමෙන්ම එම වැඩ කටයුතු වල යෙදෙන විට දැනගත යුතු විශේෂම දෙය ඔබගේ හවුල් කරුවන් සමග වැඩ කරනවිට ඔබට බරපැන දැරීමට ඉදුවන බව එම නිසා විමසිල්ලෙන් වැඩකටයුතු කරන්න දවස අගමනුකුලව අරඹ කරන්න ඔබට දවස ජයගන්න පුළුවන් .
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
කටක ලග්නය

අද දවස සුබයි .හවුල් ව්‍යාපාර කටයුතු සඳහා සුබයි පෙර සුදානම ඔබගේ දවස සාර්ථක කරගත හැක . අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. අඩුවෙන් කතා කරන්න. කතාවෙන් පවා ඔබට අවාසි විය හැකි දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 06
සිංහ ලග්නය

හැලහැප්පීම් ඇතිවෙන්න පුළුවන් දවසක් ඔබගේ ඉගනීම් හා ගෙදරදොර ගැනත් කලකිරීමක් ඇති විය හැක. රහස් සතුරු කරදර අවම වන දිනයකි. එමනිසා ඔබ සියලු දේ අමතක කරලා තමන්ගේ අරමුණ කරා ගමන් කරන්න . සුභ මංගල යෝග එන දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
කන්‍යා ලග්නය

අද දවසේ ඔබගේ ලග්න පලපලයට අනුව හර්දය ආශ්‍රිත රෝග තත්ත්ව ඇතිවිය හැක . විනෝදයෙන් දිනය ඝත කළ හැකිය. කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

අද දවස ඔබට සුබ දවසක්.අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. ව්‍යාපාර වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. අනාගත බලාපොරොත්තු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අලුතින් දෙයක් මිලදී ගැනීමට යාමට යෝග්‍ය දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: ලා කහා පැහැය ජය අංකය: 07
වෘශ්චික ලග්නය

අද දවස සුබයි .අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. යම් යම් වෙනස්කම් ඔබ තුලම ඇති කරගන්න දිනයකි. වෙන දිනයන්ට වඩා තියුණු නුවණින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. ඔබේ කතාවෙන් අන් අයව ජයගන්න දිනයකි. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
ධනු ලග්නය

කතාව නිසා සමීපතමයන්ගේ සිත් රිදිය හැක. යාන වාහන, තනතුරු අපේක්ෂා කළහැකි දිනයකි. ගැටළු විසදාලීමට වැඩි දස්කමක් දක්වන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. අලුතින් නිවසක් තැනීමට පටන් ගන්නටද සුභ දිනයකි. නිදහසේ දිනය ගත කිරීමට ප්‍රිය කරන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 01
මකර ලග්නය

දහදිය මහන්සියෙන් වැඩ කරන දවසක්. ඔබ අත ගහන වැඩ කෙසේ හෝ ජයගන්න දවසක්. මෙතෙක් හමු නොවුණු දෙයක් නැවත ලැබිය හැකි දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් වලින් තිර වන්න. ඉඩමක්, නිවසක්, වාහනයක් අලුතින් මිලදී ගැනීමටද සුභ දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 07
කුම්භ ලග්නය

වියදම වැඩි වන දවසක් . අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. නිවැරදි තීරණ මත, නිවැරදි අවබෝධය මත ක්‍රියාත්මක වන්න. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

පිටින් පේනවට වැඩ සුන්දර ගතිගුණ ස්මතුවන දවසක්. මුදල් ගනුදෙනු වලදී සැළකිලිමත් විය යුතු දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි. සෙල්ලක්කාර ගති ලක්ෂණ ඉවතලා කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353