News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

අතුරුදන් වුන MH370 ගැන මැලේසියාව බොරු කියලා. ප්‍රංශයෙන් චෝදනාවක්.

887 Views


අතුරුදන් වුන MH370 ගැන මැලේසියාව බොරු කියලා. ප්‍රංශයෙන් චෝදනාවක්.

මීට අවුරුදු 4 කට කලින් අතුරුදහන් වුන MH370 ගුවන් යානය ගැන කතා බහ තවමත් අවසන් වෙලා නෑ. මඟින් 239 ක් රැගෙන Kuala Lumpur ඉඳන් බීජින් වලට යද්දී තමයි මේ ගුවන් යානය අතුරුදහන් වුණේ.

ප්‍රභල රටවල් රැසක් එකතු වෙලා මේ ගුවන් යානය හෙව්වත් යානයට සිද්ධ වුන දෙයක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසාම මේ අවුරුද්දේ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නතර කරා. ඒ වගේම පිටු 400 ක වාර්තාවකුත් මැලේසියානු රජය නිකුත් කරා.

හැබැයි මේ වාර්තාව පිළිගන්න බෑ කියලා ප්‍රංශය කියනවා. ඒ නිසා ප්‍රශ්න පොලිසිය මේ වාර්තාව ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. අතුරුදහන් වුන MH370 ගුවන් යානයේ ප්‍රංශ ජාතිකයන් 4 දෙනෙකුත් සිටියා.


News Articles
Latest Videos
Most Popular Post