News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

චීන ජාතිකයාගේ ජොබ් එක බේරපු අපේ රටේ Facebook සෙට් එක.

1074 Views


චීන ජාතිකයාගේ ජොබ් එක බේරපු අපේ රටේ Facebook සෙට් එක.

කොළඹ ගංගාරාමය ළඟ පහුගිය දවසක චීන ජාතිකයෙක් බෝඩ් එකක් අල්ලගෙන හිටියා. ඒ ඔහුගේ ලැප්එක ත්‍රීවිල් රථයකදි අමතක වුණා කියලා. ඔහු වැඩ කරන ඔෆිස් එකේ වැදගත් ලිපිගොනු ගොඩක් මේ ලැප් එකේ තිබුණා. ඒ නිසාම රැකියාව පවා නැතිවෙන තත්වයක තමයි ඔහු හිටියේ.

මේ ගැන දැකපු අපේ කොල්ලෝ ටිකක් ඔහුගේ පෝස්ටර් එක්කම සිද්ධිය ගැන කියලා ෆේස්බුක් එකට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. මේ ඡායාරූප හැමතැනම හුවමාරු වෙද්දි ත්‍රීවිල් රියදුරාත් ඒක දැකලා මේ විදේශිකයාට දුරකථනයෙන් කතා කරලා තිබුණා.

පස්සේ දෙන්නම හම්බවෙලා අන්තිමේදි විදේශිකයාට ලැප්එක භාරදුන්නා. ඒ සතුටට විදේශිකයා අපේ ත්‍රීවිල් රියදුරාට රුපියල් 30,000ක මුදලක් තෑගි කළා. ඒ වගේම ඔහුට ලැප් එක හොයාගන්න උදව් කරපු ලංකාවේ හැමෝමට ඔහු ස්තූති වන්ත වුණා.


News Articles
Latest Videos
Most Popular Post