මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට පටන්ගන්නවා. මේ මාසේ 26 වෙනකන් පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
සම්ප්‍රදායානුකූලව හෙට පෙරවරු 6 පසුවී විනාඩි 2ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරනව කියලයි කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේ කියා සිටියේ.
කුඹල් පෙරහර මේ මාසේ 16 වැනි දා පස්වරු 6.16 ට ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ විදිය, යටිනුවර වීදිය,රජවීදිය ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිත වෙනවා.
කුඹල් පෙරහර 17, 18, 19 සහ 20 යන දිනවල පැවැත්වෙන අතර දිනපතා එම පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් යෙදීවිමට නියමිත වෙලා තියෙනවා.