දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ ආර්. ප්‍රේමදාස ක්රික ක්‍රීඩාංගණයේදී. තරඟය දවල් 2,30 ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 5 කින් සමන්විත තරඟාවලිය මේ වෙද්දී 3 – 1 ක් විදියට දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරලා අවසන්.
හැබැයි තරඟාවලිය 3 -2 ක් විදියට අවසන් කර ගෙන ලංකාවේ නම්බුව රැක ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වෙනවා. කොහොම වුනත් අවසන් තරඟයේදී ලංකාව දක්වපු දසකම් නිසා මේ තරඟය ගැනත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. අද තරඟයත් දකුණු අප්‍රිකාව මෙහෙය වන්නේ දි කොක්.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ප්‍රේමදාස පිටියේ එක්දින තරඟ 7 කදී මුණගැහිලා තියෙනවා. තරඟ 7 ක් ලංකාව දිනද්දී දකුණු අප්‍රිකාව තරඟ 2 ක් විතරයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. හැබැයි අවසන් වරට 2014 දී පැවැත්වුන තරඟය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරලා තියෙනවා.
අද තරඟයේදී ලංකාවේ එක වෙනස්කමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ලහිරු කුමාර වෙනුවට කසුන් රජිත කණ්ඩායමට කැඳවලා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.