News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

නැඳුන්ගමුවේ රාජා පරිස්සමට නුවර එක්කන් ගිය හැටි. – Photo / Video

1193 Views


නැඳුන්ගමුවේ රාජා පරිස්සමට නුවර එක්කන් ගිය හැටි. – Photo / Video

ලොව පුරා බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ “ශ්‍රී දළදා වහන්සේ”. ඒ වගේ පූජනීය වස්තුවක් හිසින් දරා ගෙන ගමන් කරන්න කිසිම මිනිසෙක් පිං කරලා නෑ. හැබැයි ඒ වාසනාව පිංවන්ත සතෙක්ට ලැබිලා තියෙනවා.

මේ වෙද්දී ඒ වාසනාව උරුම වෙලා තියෙන්නේ නැඳුන්ගමුවේ රාජා හස්තියාට. නැඳුන්ගමුවේ රාජා ලංකාවේ මොන අස්සක් මුල්ලක පෙරහරක් තිබ්බත් යන්නේ පයින්.

පහුගිය දා අවසන් වුන බෙල්ලන්විල පෙරහරෙන් පස්සේ නැඳුන්ගමුවේ රාජා පා ගමනින්ම නුවර පෙරහරට ගමන් කරන්න පටන් අරන් තියෙනවා. මේ තියෙන්නේ ඒ ගමන අතරතුරදී ගත්ත ඡායාරුප කිහිපයක්.

https://www.facebook.com/StudioNishan/videos/974221149452877/

ඡායාරුප නිශාන්ත වීරසේකර.


News Articles
Latest Videos
Most Popular Post