මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්ත රටවල් 2 ක් ඉන්නවා. ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය. දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරඟ 2 ම විශිෂ්ඨ ලෙස ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ වගේම ඉන්දියාව සමඟ තිබ්බ එක්දින තරඟයේදී එංගලන්තය ඉන්දියාවට පාඩමක් කියලා දුන්නා.
මේ නිසා ICC ය මේ රටවල් 2 ට තෑග්ගක් දෙන්න සූදානම් වෙනවා. ඒ ICC Facebook පිටුවේ Cover Photo එකට ජයග්‍රාහී කණ්ඩායමේ ඡායාරුපයක් දාන්න. හැබැයි රටවල් 2 න් එකකට විතරයි මේ තෑග්ග ලබා ගන්න පුළුවන්. ඒ තෑග්ග ලබා දීමේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට.
ICC ය Facebook එකේ ඡන්දයක් පවත්වනවා. ඒ ඡන්දයෙන් වැඩිම මනාප ගන්න කණ්ඩායමේ ඡායාරුපය ICC Facebook Cover Photo එක විදියට පළ කරනවා. ශ්‍රී ලංකාවේ නම ගෙනියන්න ඔබට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක්. පහළ තියෙන Link එකට ගිහින් ශ්‍රී ලංකාවට Vote කරන්න.