News Line| Off Air
Generic placeholder image

Aug
14

ප්‍රභල ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනයි. – Photo / Video

1394 Views


ප්‍රභල ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනයි. – Photo / Video

ක්‍රිකට් නම් ඉතිං ටෙස්ට් වුනත්, එක්දින වුනත්, T20 වුනත් ලංකාවේ අයට ගේමක් නෑ. ඒ වගේ තමයි ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් වුනත් ලංකාවේ නම් ඉහළින්ම තියෙනවා.

පිට දෙවෙනි වතාවටත් “ලාස්ට් මෑන් චාන්ස්” පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයින් වෙන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඒ ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කරලා.

ඒ අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 5කින් පරාජය කරන්න අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 6ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තා. ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 16 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් දැවී ලෝක කුසාලනය තමන් සතු කර ගත්තා. තරගයේ වීරයා පන්දු 18කදී ලකුණු 40ක් රැස් කළ ශාලික කරුණාරත්න.

මෙවර ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් ශූරතාවයට රටවල් 12ක් තරග වැදුණා. ඒ වගේම නම් දැරූ හිටපු කි‍්‍රඩකයින් කිහිපදෙනෙකුද එක්ව සිටියා. අලුත්ම ක්‍රිකට් තරග රටාවක් වන “ලාස්ට් මෑන් චාන්ස්” වල විශේෂත්වය වෙන්නේ අවසන් පිතිකරුවාට තනිව පන්දුවට පහරදීමේ හැකියාව තිබීමයි.

https://www.facebook.com/LastManStands/videos/10156773903522262/


News Articles
Latest Videos
Most Popular Post