පටාචාරා කතා වස්තුවේ කුඩා දරුවෙක් උකුස්සෙක් උස්සගෙන යන සිදුවීමක් තියෙනවා ඔබට මතක ඇති. පොඩි කාලේ අපි පටාචාරා කතා වස්තුව අහද්දී තිබ්බ ප්‍රශ්නයක් තමයි උකුස්සන්ට ළමයි උස්සගෙන යන්න පුලුවන්ද කියලා.
ඒ ප්‍රශ්නෙට සාක්ෂිත් එක්කම උත්තර අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අනුරාධපුර සුචරිතගම ප්‍රදේශයේදී විශාල උකුස්සෙක් ළමයින් 4 දෙනෙක් උස්සගෙන යන්න හදලා තියෙනවා. මේ නිසා තුවාල ලැබුව දැරියක් රෝහල් ගත කරලා තියෙනවා.
කොහොම වුනත් වනජීවී නිලධාරීන් මේ උකුස්සා අල්ල ගන්න සමත් වෙලා තියෙනවා. අඩි දෙකහමාරක් පමණ වැඩුණු උකුස්සා තටු විහිදූ විට අඩි පහක් පමණ දිගයි. උකුස්සා එක් අවස්ථාවකදී අවුරුද්දක් පමණ වයසැති දරුවෙක් නිවස අසළ සිටියදී පැහැර ගන්න හදලා තියෙනවා. උත්සාහය වැරදුන නිසා මිදුලේ තිබ්බ බෝනික්කෙක් උස්සගෙන ගිහින්.
වනජීවි නිලධාරීන් කියන්නේ මෙම උකුස්සා සිළු බඹර උකුස්සා ලෙස හඳුන්වනවා කියලා.