News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

මහ වැස්සට කොත්මලේ වාන්දොරටු ස්වයංක‍්‍රීයව විවෘත වෙයි.- Photo

499 Views


මහ වැස්සට කොත්මලේ වාන්දොරටු ස්වයංක‍්‍රීයව විවෘත වෙයි.- Photo

ඇතිවත් බැරි නැතුවත් බැරි වැස්ස ආයෙමත් ලංකාවට ඇවිත්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට එක දිගට ඇදහැලෙන මොරසූරන වැස්ස නිසා ජලාශ කිහිපයක්ම පිරී ඉතිරී ගිහිල්ලා.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද (15) අලුයම ස්වයංක‍්‍රීයව විවෘත වෙලා තියෙනවා. කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගිහින් තියෙනවා.

විදුලිබල ඉංජිනේරුවරුන් කියන්නේ වැස්ස තවත් අදහලුනොත් ඉහළ කොත්මලේ ජලාශයේ අනිත් වාන් දොරටුත් විවෘත වෙන්න පුළුවන් කියලා. මේ නිසා ජලාශය දෙපස ජනතාව අවධානයෙන් සිටීම වැදගත්.

ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු 03ක් අද අලූයම සිට විවෘත කරලා තියෙනවා. මේ නිසා කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post