News Line| Off Air
Generic placeholder image

Aug
15

“තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති.” තරඟයෙන් පස්සේ ධනංජය කිව්ව සංවේදී කතාව. – Video

821 Views


“තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති.” තරඟයෙන් පස්සේ ධනංජය කිව්ව සංවේදී කතාව. – Video

තවත් සුපිරි ජයක් හිමි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර T20 තරඟයේ වීරයා වුණේ ධනංජය ද සිල්වා. පිත්තෙන්, පන්දුවෙන් පන්දු රැකීමෙන් සුපිරි දස්කම් දක්වන්න ධනා සමත් වුණා.

තරඟයෙන් පස්සේ තිබ්බ හමුවටත් ඔහු එකතු වුණා. “අපි Practice විදිය තමයි රහස. අපි දැනගෙන හිටියා එයාලගෙ Bowling Attack එක ගැන. එකට තමයි අප්රි Practice කරේ” කියලයි ධනංජය ජයග්‍රහණයේ රහස හෙළිකරේ.

ආරම්භක පිතිකරුවෙක් වුන ධනංජය පහුගිය තරඟ කිහිපයේම ක්‍රීඩා කලේ මැදපෙළ. ධනංජය ඒ ගැන දැක්වුවේ මේ වගේ අදහසක්. “මට Tournament එකට කලින් කියනවා මෙතන තමයි Bat කරන්නේ කියලා. මම ඔලුව හදාගෙන ඇවිත් සෙල්ලම් කරනවා. මම දැන් එකට ගොඩක් හුරුවෙලා.”

ඒ වගේම මිය ගිය පියා ගැනත් ධනංජය මේ මාධ්‍ය හමුවදී මතක් කරා. “තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. ගොඩක් දුකයි එයා නැති එක ගැන. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති.” කියලයි

https://www.facebook.com/srilankacricket/videos/2112891905698360/


News Articles
Latest Videos
Most Popular Post