News Line| Off Air
Generic placeholder image

Aug
15

කළ නොහැක්කක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකය හමුවේ ඔප්පු කරයි. – Photo

1636 Views


කළ නොහැක්කක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකය හමුවේ ඔප්පු කරයි. – Photo

ඊයේ හවස් වෙනකන්ම විදෙස් ක්‍රිකට් විචාරකයින් කිව්වේ T20 තරඟය දකුණු අප්‍රිකාව ඉහළින්ම දිනනවා කියලා. හැබැයි ඒ කතා පුස්සක් ලංකාව සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව අන්ත අසරණ කරලා.

දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එකම T20 තරඟය කඩුලු 3 කින් ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත අප්‍රිකානු නායකයා ලකුණු රැස් තීරණය කරා. හැබැයි නායකයාගේ තීරණයට සාධාරණයක් කරන්න අප්‍රිකානු පිතිකරුවන්ට බැරි වුණා.

ලංකාවේ දඟ පන්දු යවන්නන් ඔවුන් එකා පිට එකා ක්‍රීඩාගාරයට හරවා යැව්වා. ඩි කොක් ලකුණු 20 යි. හෙන්ඩ්‍රික්ස් ලකුණු 19 යි. ක්ලාසෙන් ලකුණු 18 කට දැවී ගියා. වෙනත් කිසිම දකුණු අප්‍රිකානු පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ලංකාවේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. අප්‍රිකානු 4පිතිකරුවන් දෙනෙක්ට කිසිම ලකුණක් ලබා ගන්න බැරි වුණා.

සුපිරි පන්දු යැවීමක නිරත වුන ලක්ෂාන් සඳකැන් ලකුණු 19 ට කඩුලු 3 යි. ඒ නිලකුණු ඕවරයක්ද සහිතව. අකිල සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්තා. පන්දුවාර 16 කදී සියලු දෙනාම දැවී ලකුණු 98 ක් විතරයි අප්‍රිකානුවන් ලබා ගත්තේ.

ලකුණු 99 ක ඉලක්කය පන්දුවාර 16 කදී සපුරා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ කඩුලු 7 ක් දැවී. චන්දිමාල් සහ ධනංජය ද සිල්වා 3 වෙනි කඩුල්ලට වේගවත් ලකුණු 53 ක් සබඳතාවක් ගොඩ නැගුවා. ධනංජය ලකුණු 31 යි. ඒ 4 පහර 4 ක් සහ දැවැන්ත 6 පහර 2 ක් සමඟින්. චන්දිමාල් නොදැවී ලකුණු 36 යි.

රබඩා, ශම්සි සහ ඩාලා කඩුලු 2 බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා ධනංජය ද සිල්වා. ඒ අනුව ටෙස්ට් තරඟාවලියේ සහ T20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාව දිනා ගන්න සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post