මිනිස්සුන්ගේ ඡන්දයෙන් තේරී පත් වෙන මහජන නියෝජිතයෝ අන්තිමේදී මහජන මුදල් වලින්ම සැප ගන්නවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 6 ක සැප පුටු ඉල්ලලා තිබුණා.
දැන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමන්නත් යෝජනා වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙන්නේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය.
ඒ අනුව රුපියල් 20,000 ක දීමනාව 45,000 දක්වා වැඩි වෙනවා. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු 119 ක් ඉන්නවා. මේක දැකලා අනිත් නගර සභා වල මන්ත්‍රීවරු කොළඹට කිරි ගමට කැකිරි කියයිද දන්නේ නෑ.