News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියේ පළමු දිනයේ විශේෂ අවස්ථා – Video

774 Views


ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියේ පළමු දිනයේ විශේෂ අවස්ථා – Video

2018 ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළිය අද ආරම්භ වුණා. ඒ නුවරඑළිය ග‍්‍රෑන්ඩ් හෝටල් පරිශ‍්‍රයේදීයි.

අද ඉඳන් පුරා දින 10 ක කාලයක් මේ සැණකෙළිය පැවැත්වෙනවා. මෙහිදී ස්ට්‍රෝබෙරි ඇසුරින් සිදු කෙරෙන නිර්මාණ රාශියක් දැක බලා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා.

ලොව විශාලතම ඩෙසට් ස්ට්‍රෝබෙරි පීසා නිර්මාණය අද සිදු කලේ නුවරඑළිය ග‍්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් විසින්. කිලෝ 1 400 ක් බර පීසා නිර්මාණය නොමිලේ රස විදීමේ අවස්ථාව ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියට සහභාගී වන සියලුදෙනාට හිමි වුණා.

2018 ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගී වුණේ ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක මහතා.

2018 ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියට සියත FM සහ සියත TVනිල මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙනවා. ඒ වගේම නිළ ඩිජිටල් මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ සියත 24 වෙබ් අඩවියයි. මේ සැණකෙළියේ සුවිශේෂතම අවස්ථා සියත FM ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට නරඹන්න පුළුවන්.

මේ තියෙන්නේ 2018 ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියේ පළමු දිනයේ විශේෂ අවස්ථා:

සියළුම ඡයාරූප මෙතනින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post