ටෙස්ට් තරඟ වල වේගයෙන්ම ඉහළට එන කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ ටෙස්ට් තරඟාවලියත් 2 – 0 ක් විදියට ශ්‍රී ලංකාව ගත්තා.
ලංකාවට ඊළඟ ටෙස්ට් තරඟාවලිය තියෙන්නේ එංගලන්තය එක්ක. එංගලන්තය ලබන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඒ තරඟ 3 ක ටෙස්ට් තරඟාවලියකටත් එක්ක. මේ ටෙස්ට් තරඟාවලියේදී ලංකාවට ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට එන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
හැබැයි ඒකට එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලිය 3 – 0 ක් විදියට ජයග්‍රහණය කරන්න ඕන. තරඟ 3 ම ලංකාව දින්නොත් ශ්‍රේණි ලකුණු 05 ක් ලංකාවට ලැබෙනවා. එවිට ලංකාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 4 දක්වා ස්ථාන 2 ක් ඉහළට එන්න පුළුවන්.
කොහොම වුනත් මේ දවස්වල ඉන්දියාව සමඟ පවත් වෙන ටෙස්ට් තරඟාවලිය එංගලන්තය විශිෂ්ඨ විදියට ජය ගනිමින් ඉන්නවා. ඒ තරඟාවලිය 4 – 0ක් විදියට එංගලන්තය ජය ගත්තොත් ඔවුන්ට ශ්‍රේණි ලකුණු 05 ක් ලැබෙනවා. එවිට ඔවුන් 4 වන ස්ථානයට ඉහළට එනවා.
හැබැයි ලංකාව එංගලන්තය 3 – 0 ක් විදියට පරාජය කලොත් ලංකාවට 4 වන ස්ථානය දිනා ගන්න පුළුවන්.