ස්ට්‍රෝබෙරි වසන්තය නුවරඑළියට ගෙනා Grand Strawberry Fest 2018 3 වන දවස අද. අදත් සුපුරුදු විදියට ස්ට්‍රෝබෙරි සිරියෙන් මුළු නුවරඑළියම වැසී ගියා. ඒ වගේම අද විශේෂ පාගමනකුත් සංවිධානය කරලා තිබුණා.
මේ පාගමන සංවිධානය කරලා තිබුණේ නුවරඑළියේ අඩු පහසුකම් තියෙන ළමා නිවාසයකට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගන්න මුදල් එකතු කරන්න. Grand Dare to Care 2018 Charity Walk කියලා තමයි මේ පාගමන නම් කරලා තිබුණේ.
https://www.facebook.com/siyathafmsrilanka/videos/279703196160055/
උදේ 10 ට නුවරඑළිය Grand Hotel පරිශ්‍රයෙන් පාගමන ආරම්භ වුණා. නුවරඑළිය Grand Hotel සාමාන්‍ය අධිකාරීතුමන්, නුවරඑළිය නගරාධිපතිතුමා, අවට හෝටල්වල කළමනාකරුවන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ නුවරඑළිය ජනතාව මේ සුවිශේෂී පාගමනත් එක්ක අත්වැල් බැඳගත්තා.
ස්ට්‍රෝබෙරි වැඩ ගොඩාක් අදත් නුවරඑළියට එන ඔබට බලා ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි Slogan Competition එකක් අද හවසට පැවැත්වෙනවා. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩන්ට අපූරු සෙල්ලම්, රසම රස කෑම ජාති ගොඩාක් Grand Strawberry Fest එකේ තියෙනවා.
https://www.facebook.com/siyathafmsrilanka/videos/271647603666152/
ස්ට්‍රෝබෙරි සැණකෙළියට යන්න බැරිවෙන අය දුක්වෙන්න එපා. සියත FM Facebook Fan Page එක ඔස්සේ මේ සියලුම විශේෂාංග සජීවීව අපි ඔබ වෙත ගෙන එනවා. තවත් දවස් 7 ක් Grand Strawberry Fest 2018 සැණකෙළිය පැවැත්වෙනවා. ඉතිං දැන්ම නුවරඑළියට එන්න ඔබේ බඩු ටික Pack කර ගන්න.
මේ තියෙන්නේ අද උදය වරුවේ නුවරඑළිය Grand Strawberry Fest 2018 ගත වුන හැටි.
https://www.facebook.com/siyathafmsrilanka/videos/1743423559039796/