News Line| Off Air| Games
Generic placeholder image

Aug
20

ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වන ටෙස්ට් තරඟයේදී තෙවන විනිසුරු දුන්න ආන්දෝලනාත්මක දැවී යාම. – Video

1665 Views


ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වන ටෙස්ට් තරඟයේදී තෙවන විනිසුරු දුන්න ආන්දෝලනාත්මක දැවී යාම. – Video

මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ වැඩිම අවදානය යොමු වෙලා තියෙන්නේ ඉන්දියා – එංගලන්ත ක්‍රිකට් තරඟාවලියට. මේ වෙද්දී පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 2 ම එංගලන්තය ජයග්‍රහණය කරා.

තුන්වෙනි ටෙස්ට් තරඟය මේ වෙද්දී පැවැත්වෙනවා. මේ තරඟයේ ජෝයි රූට්ගේ දැවී යාම ගැන. රූට් ලකුණු 16ක් ලබාගෙන සිටියදී හර්ඩික් පන්ඩ්‍යාගේ පන්දුවකට කේඑල් රාහුල් අතට උද පන්දුවක් ලබා දුන්නා.

ඒ වෙලාවේ පිටියේ විනිසුරු මරේ ඉරස්මස් එය දැවී යාමක් ලෙස සටහන් කරා. ඒ වගේම වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා තෙවන විනිසුරුට යොමු කරා. තෙවන විනිසුරු ලෙස ක්‍රියා කල පාකිස්ථානයේ අලීම් එය දැවී යාමක් විදියට තීරණය ලබා දුන්නා.

හැබැයි රූපවාහිනියේ දර්ශන වලින් පේන්නේ එය දැවී යාමක් නොවන බවයි ලොව පුරා සිටින ඇතැම් ක්‍රිකට් ලෝලීන් සඳහන් කරන්නේ. හැබැයි එංගලන්ත නායකයෙකු වන මයිකල් වෝන් හා මෙම තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස ක්‍රියා කරන කුමාර් සංගක්කාර කියන්නේ එය දැවී යාමක් කියලා.

https://youtu.be/1vFIEwKbIqA?t=114


News Articles
Latest Videos
Most Popular Post