ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බිහිකරපු සුපිරි ක්‍රීඩකයෙක් වගේම විශිෂ්ඨ නායකයෙක් තමයි මහේල ජයවර්ධන. ශ්‍රී ලංකා ක්‍රිකට් අනතුරකට ලක්වෙන හැම වෙලේම ඔහු ඒ වෙනුවෙන් කතා කරා.
මහේල ඊයේ තවත් twitter සටහනක් තියලා තියෙනවා. ඒ අන්තර් පළාත් ක්‍රිකට් කණ්ඩායම් ගැන. තවත් නොබෝ දිනකින් SLC ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වෙනවා. මේ තරඟාවලියට කණ්ඩායම් 4 ක් විතරයි ක්‍රීඩා කරන්නේ.
twitter සටහනක් තියලා මහේල කියන්නේ කණ්ඩායම් 5 ක් හෝ 6 ක් තිබ්බා නම් තවත් ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබෙනවා කියලා. “පළාත් කණ්ඩායම් 5 ක් හෝ 6 ක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන්නේ විතරද. මොකද එතකොට අපිට තවත් අවස්ථාවන් දෙන්න පුළුවන්. මේ තරඟාවලියේ ක්‍රීඩකයින් 44 කට විතරයි සෙල්ලම් කරන්න පුළුවන්. අඩුම වශයෙන් ක්‍රීඩකයින් 40 ක් වත් බංකුවට වෙලා ඉන්නවා. තව වැඩිපුර කණ්ඩායම් 2 ක්?” කියලයි මහේලගේ twitter සටහනේ තියෙන්නේ.
SLC ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ටත් අවස්ථාව අහිමි වෙලා තියෙනවා.