මිනිසෙකුගේ ජීවිතයේ දෙවෙනි උප්පත්තිය තමයි විවාහය කියන්නේ. ඒ නිසා විවාහ සංවත්සරය කියන්නේ ජීවිතයට ගොඩක් වැදගත් දවසක්. එක එක අය විවිධ විදියට විවාහ සංවත්සරය සමරනවා.
පහුගිය දා (18) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ සුජාතා සේනාරත්නගේ මහත්මියගේ විවාහ දිවියට අවුරුදු 40 ක් පිරුණා. දෙන්නත් එක්ක මේ සංවත්සරය මහ ඉහළින් සැමරුවා. ඒ සියක් නමක් විෂයෙහි දානමය පිංකමක් පවත්වලා.
පිංකම පැවැත්වුණේ කළුතර බෝධිය පූජා භූමියේ. ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ඇතුලු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මේ පිංකම පැවැත්වුණා.
මේ තියෙන්නේ ඒ පිංකමේ ඡායාරූප.