News Line| Off Air| Games
Generic placeholder image

Aug
20

අවුරුද්දකට කිලෝමිටර් 1000 කට වඩා ඇවිදින නැඳුන්ගමුවේ රාජා ගැන ඔබ නොදත් දේ. – Photo

2146 Views


අවුරුද්දකට කිලෝමිටර් 1000 කට වඩා ඇවිදින නැඳුන්ගමුවේ රාජා ගැන ඔබ නොදත් දේ. – Photo

මිනිස්සු හිතාගෙන තරම වාසනාවන්ත සතෙක් මේ ලෝකයේ නෑ කියලා. හැබැයි සමහර වෙලාවට මිනිසුන්ට වඩා දහස් ගුණයක් පිංවන්ත සතුන් ඉන්නවා. මොකක් හෝ පවට සත්ව ආත්මයක් ලබපු.

නැඳුන්ගමුවේ රාජා කියන්නේ මිනිසුන්ටත් වඩා පිං කරපු මිහිපිට ඉන්න වාසනාවන්තම සත්වයා. අවසන් රන්දෝලි පෙරහැරට සහභාගී වෙන්න නැඳුන්ගමුවේ රාජා මේ දවස්වල පාගමනින්ම නුවරට යනවා.

පසුගිය 14 වැනිදා ගම්පහ නැඳුන්ගමුව හර්ෂවිජය වෙද රාළහාමිගේ නිවසින් තමයි රාජා මේ ගමන ආරම්භ කරේ. ඒ පිරිත් සජ්ජායනා මැද්දේ, නැකතින්. අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහැර කරඬුව වැඩමවීමේ භාග්‍ය නැඳුන්ගමුවේ රාජා ලැබුණා. 12 වෙනි වතාවට තමයි රාජා මෙවර පෙරහැර කරඬුව වැඩමවන්නේ.

අවුරුදු 70 ක් වන රාජා වාහනයකින් ගමන් කරන්නේ නෑ. ලංකාවේ මොන අස්සක් මුල්ලක පෙරහැරක් තිබ්බත් රාජා යන්නේ පාගමනින්. අවුරුද්දකදී රාජා කිලෝමිටර් 1000 කට වඩා ඇවිදිනවා.

මේ වෙද්දී රාජා ජාතික සම්පතක් වෙලා අවසන්. ඒ නිසාම රජා ආරක්ෂා කරන්න ඉතිහාසයේ පළවෙනි වතාවට ඇතෙක්ට හාමුදා ආරක්ෂාව ලබා දුන්නා. ලබන 21 වෙනිදා අවසන් රන්දෝලි පෙරහැර බලන්න ඔබත් ගියොත් මහා තේජසකින් කරඬුව වැඩමවන නැඳුන්ගමුවේ රාජා දැක බලා ගන්න ඔබටත් පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post