2020 ජනාධිපතිවරණයට තවත් ලොකු කාලයක් තියෙනවා. හැබැයි දැන්ම 2020 ජනාධිපතිවරණය ගැන දේශපාලන වේදිකාවේ කතා කරන්න පටන් අරන්. 2020 ජනපති අපේක්ෂකයන් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ.
2020 අපේක්ෂකත්වය තමන්ට ලබා දුන්නොත් අභියෝගය ගන්නවා කියලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නවා කියලයි එතුමා කියන්නේ.
තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙනවා කියලා එතුමා වැඩි දුරටත් ප්‍රකාශ ප්‍රකාශ කරා. තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කරා.
2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වුණා. හැබැයි එතුමා ඒ මැතිවරණයෙන් පරාජය වුණා.