News Line| Off Air
Generic placeholder image

Aug
21

මහනුවර පෙරහැර බලන්න යන්න විශේෂ දුම්රිය මෙන්න.

748 Views


මහනුවර පෙරහැර බලන්න යන්න විශේෂ දුම්රිය මෙන්න.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැර අද ආරම්භ වෙනවා. අද ඉඳන් දවස් 5 ක් රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. මේ නිසා මේ දවස් 5 පුරාවට ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් මහනුවරට එනවා.

පෙරහැර බලන්න එන පහසුවට විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කරලා තියෙනවා. අද දින පෙරවරු 9.50ට ධානවය වෙන විශේෂ දුම්රිය පස්වරු 1.15ට මහනුවරට ළඟා වෙනවා. අද රාත්‍රි 11.45ට මහනුවරින් පිටත් වන දුම්රිය පසුදින (22) පෙරවරු 3.01 කොළඹ කොටුවට එනවා. මේ දුම්රිය ඉදිරි දවස් 5 පුරාවටම ධාවනය වෙනවා.

මීට අමතරව අද දින සිට 25 වැනිදා දක්වා මහනුවරින් රාත්‍රි 11.55ට පිටත්වෙන දුම්රියක් නාවලපිටියට පසුදින පෙරවරු 1.09ට ළඟා වෙනවා. මහනුවර සිට මාතලේ දක්වාත් මාතලේ සිට මහනුවර දක්වාත් විශේෂ දුම්රිය සේවා මේ දවස් 5 පුරාවට ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post