News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ආසියානු කුසලානයේදී චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්.

569 Views


ආසියානු කුසලානයේදී චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්.

ආසියාවේ දක්ෂයින් සොයා යන 18 වන ආසියානු උළෙල මේ දිනවල පැවැත්වෙනවා. ඒ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර. ඊයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ ඉසව් කිහිපයකටම සහභාගි වුණා.

හැබැයි පදක්කම් දිනා ගන්න අවස්ථාවක් නම් ලැබුණේ නෑ. කොහොම වුනත් ලංකා වාර්තාවක් පිහිටුවන්න චමරි වර්ණකුලසූරිය සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බර ඉසිලීමේ කාන්තා ඉසව්වෙන්. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 96ක් ඔසවමින් ඇය මෙම වාර්තාව පිහිටුවූවා.

කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදුණු මෙම බර ඉසිලීමේ ඉසව්වේදී චමරිට හිමි වුණේ 10 වැනි ස්ථානය. මේ අතර ආසියානු කුසලානයේ බලාපොරොත්තු තියාගෙන හිටිය ශ්‍රී ලංකා කණ්ඩායම් 2 ම පරාජය වුණා.

පිරිමි කබඩි කණ්ඩායම ලකුණු 29-25ක් ලෙස බංග්ලාදේශය හමුවේ පරාජය වුණා. ඔවුන්ට හිමි වුණේ A කාණ්ඩයේ 4 වන ස්ථානය. එ් කාණ්ඩයෙන් තරග වැදුනු ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායමට එම කාණ්ඩයේ 3 වන ස්ථානය හිමි වුණා.

දුනුවීදීමේ කේවල පිරිම් ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කළ සජීව් ද සිල්වාට හිමි වුණේ 64 වැනි ස්ථානය. ශී‍්‍ර ලංකා පිරිමි පැසිපන්දු කණ්ඩායම චීනය සහ තායිලන්තය හමුවේ පරාජයට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post