News Line| Off Air
Generic placeholder image

Aug
22

ජනපතිගේ සහයෙන් ප්‍රවාහන ඇමතිගේ යෝජනාව කැබිනෙට්ටුවේදී කුණු කූඩයට.

1131 Views


ජනපතිගේ සහයෙන් ප්‍රවාහන ඇමතිගේ යෝජනාව කැබිනෙට්ටුවේදී කුණු කූඩයට.

Traffic එකේ ගමනක් හොඳම වාහනය තමයි ත්‍රීවීල් එක. හැබැයි ඉතිං වාහන රියදුරන්ට නම් ත්‍රිරෝද පේන්න බෑ. විශේෂයෙන්ම මේ වෙද්දී සාමාන්‍ය පෙළ අවසන් වුන ගමන් ත්‍රිරෝද රථ පදවන්න තරුණයන් පුරුදුවෙලා තියෙනවා.

මේ නිසා ත්‍රිරෝද රථ පදවන්න පුළුවන් වයස් සීමාව අවුරුදු 35 කරන්න කියලා ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. හැබැයි ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් ඇමතිවරු රැසක් මේ යෝජනාවට විරුද්ධ වුණා. ඒ නිසා නිමල් සිරිපාල අමාත්‍යවරයාට තමන්ගේ යෝජනාව හකුලා ගන්න සිද්ධ වුණා.

මීට කලින් මංගල සමරවීර අමාත්‍යවරයාත් මේ යෝජනාවට විරුද්ධ වුණා. ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරනවා කියලයි ඔහු කිව්වේ. ඒකාබද්ධ විපක්ෂයත් නිවේදනයක් නිකුත්කරමින් කිව්වේ මේ යෝජනාව නිසා තරුණයන් 90,000 කට විතර රැකියා අහිමි වෙනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post