News Line| Off Air
Generic placeholder image

Aug
23

Traffic නැතුව Office යන්න බේරේ වැවේ බෝට්ටු සේවයක්.

4249 Views


Traffic නැතුව Office යන්න බේරේ වැවේ බෝට්ටු සේවයක්.

කොළඹ Traffic නම් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නෑ. ඒ නිසා කොළඹ තදබදය අඩු කරන්න එක එක ව්‍යපෘති රජය ක්‍රියාත්මක කරනවා.

අලුත්ම ව්‍යාපෘතිය තමයි ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැළණි ගඟ හරහා සහ අනෙකුත් ජලමාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත් තමයි මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.

මුලින්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේද සහායෙන් නියමු ව්‍යාපෘතියක් විදියට බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවය පටන් ගන්නවා. අවුරුදු 2 ක් මේ වැඩේ අත්හදා බලන්න නියමිතයි. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ.

තව ටික කාලයකින් බෝට්ටුවෙන් වැඩට යන්න කොළඹ වැඩ කරන අයට පුළුවන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post