News Line| Off Air
Generic placeholder image

Aug
25

සුපිරි තරු එක්ක නර්තනයෙන් බොලිවුඩය හෙල්ලූ නර්තන ශිල්පියා ජිවිතයට කරගත් අපරාධය.

1190 Views


සුපිරි තරු එක්ක නර්තනයෙන් බොලිවුඩය හෙල්ලූ නර්තන ශිල්පියා ජිවිතයට කරගත් අපරාධය.

අභීජීට් ෂේන්ඩි කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සහ දක්ෂ නර්ථන ශිල්පියෙක්. ඔහු සුපිරි බොලිවුඩ් චිත්‍රපට රැසක නළු,නිළියන්ගේ නර්තන පුහුණුකරුවෙක් වගේම නර්තන අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. එත් හදිසියේම ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අභීජීට් සිය නිවසේ විදුලිපංකාවක එල්ලී සියදිවි හානිකරගෙන තියෙනවා කියලයි.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 32ක්. ඔහු සිය දිවි හානිකරගන්න කලින් ලිපියක් ලියල තියෙනව. එහි සඳහන් කරලා තියෙන්නේ, ඔහුගේ දියණියගේ නමට සිය බැංකු ගිණුම් සියල්ල හරවන්න කියලයි.

විශේෂයෙන්ම අජේ දේව්ගන්, රන්බීර් කපූර්, රන්වීර් සිං වැනි බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පින්ගේ නර්තන පුහුණුකරු විදිහට ඔහු කටයුතු කරලා තියෙනවා.
මානසික ආතතිය නිසා සිය දිවි හානිකරගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ඉන්දීය පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


News Articles
Latest Videos
Most Popular Post