News Line| Off Air
Generic placeholder image

Aug
26

කට්ටක් නැති නැට්ටක් ඇති අමුතු කැස්බෑවෙක් චීනයෙන් හමුවෙයි. – Photo

1228 Views


කට්ටක් නැති නැට්ටක් ඇති අමුතු කැස්බෑවෙක් චීනයෙන් හමුවෙයි. – Photo

කැස්බෑවා කියන්නේ මේ වෙද්දී සීඝ්‍රයෙන් වඳවීගෙන යන සත්ව කොට්ඨාශයක්. කැස්බෑ මස් සහ කටු ගන්න මිනිසුන් කැස්බෑවන් දඩයම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ලෝකයේ කැස්බෑ විශේෂ රැසක් ඉන්නවා.

හැබැයි ජාතියේ කැස්බෑවෙක් චීනයෙන් හමුවෙලා තියෙනවා. මේ කැස්බෑවාට කට්ටක් නෑ. හැබැයි දිග නැට්ටක් තියෙනවා. කැස්බෑවෙක් කිව්වට කැස්බෑවෙක්ගේ පොසිලයක් තමයි චීනයේ Guizhou පළාතෙන් හම්බෙලා තියෙන්නේ.

මේ පොසිලය අතීතයේදී කැස්බෑවන්ගේ පිටේ කටුවක් නොතිබූ බවට ප්‍රභල සාක්ෂියක් කියලා විද්‍යාඥයන් කියනවා. වසර මිලියන 228ක් විතර මේ කැස්බෑ පොසිලය පරණයි. මේ පොසිලය Double ඇඳක් තරම් විතර් කියලයි වාර්තා වෙන්නේ.

මෙම ඉපැරණි උරගයා ‘Eorhynchochelys sinensis’ ලෙස නම් කරලා තියෙනවා. ඒ නමේ තේරුම “චීනයෙන් එළිදරව් වූ හොටක් සහිත කැස්බෑවා” යන්න. කටුවෙන් කැස්බෑවාට ආරක්ෂාව සපයනවා. ඒ වගේම ඔවුන්ට දිය යට වැඩි කාලයක් ජීවත් වීමට උපකාරී වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post