News Line| Off Air
Generic placeholder image

Aug
26

අද ලග්න දෙකක් අන් අය අතර කැපී පෙනෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

681 Views


අද ලග්න දෙකක් අන් අය අතර කැපී පෙනෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු මස 26 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.36 සිට උදෑසන 6.03 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.36 සිට සවස 06.03දක්වා 
සුභ දිශාව: දකුණ  
අසුභ දිශාව: උතුර  

මේෂ ලග්නය

අද දවසම ඔබට සුබ දවසක් . සාමකාමී මෙන්ම ප්‍රීතිමත් දිනයකි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය – සුදු පැහැය                                             ජය අංකය – 05

වෘෂභ ලග්නය

අභියෝග ජයගත හැකි දිනයක් . කරන වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මත ගැටුම් හා මතභේද වලින් තොරව කටයුතු කිරීමට වග බලාගන්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය – විසිතුරු පැහැය                                                            ජය අංකය – 03

මිථුන ලග්නය

අසල් වාසින්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක් . නමුත් කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. සෞඛ්‍ය නම් වෙනදට වඩා අයහපත් විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය –  ලා කොළ පැහැය                                                         ජය අංකය – 03 

කටක ලග්නය

ගෙදරදොර අතපසු උ වැඩ කිරීමට සුබ දිනයක් , ඔබේ වචනය පවා බලවත් වන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් සුභ දිනයක් වන අත්ර විදෙස් රැකියා වලටද යහපත් දිනයකි. නමුත් ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – ලා රෝස පැහැය                                                 ජය අංකය – 02 

සිංහ ලග්නය

අභියෝග ජයගත හැකි දවසක් . මුදල් උපයනවා සේම වියදම්ද වැඩිවන දවසක් රහස් සතුරු බලවේග යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. අන් අයට සංවේදීව කටයුතු කිරීමට සිතට ගන්න. ගමන් බිමන් වැඩිවිය හැකි දිනයකි. ඔබ අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය – රන්වන් පාට  පැහැය                                                 ජය අංකය – 06

කන්‍යා ලග්නය

ආදායම් තත්වය නම් සුභ දිනයකි. නිවසේදී මෙන්ම සමාජ ඇසුරේදී පවා දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආවේගශීලී නොවන්න. එබැවින්  වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය – ක්‍රීම්  පාට පැහැය                                                 ජය අංකය – 02

තුලා ලග්නය

සමාජ කීර්තිය හිමිවන දිනයකි. ඔබේ බලය අන් අය අතර තහවුරු කරගත හැකි දිනයකි. යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යහපත් දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය – දම් පැහැය                                                    ජය අංකය – 03

වෘශ්චික ලග්නය

 

ඔබ අන් අය අතර ගුණ වැනුම් ඇතිවන දිනයකි. කෝපයෙන් යුතුව කටයුතු නොකරන්න. ඔබේ කීර්ති නාමයට කැළලක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. ආමාශගත රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. දෙවරක් සිතා බලා කතා කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – රතු පැහැය                                               ජය අංකය – 08

ධනු ලග්නය

වියදම් තත්වය නම් වැඩිවන දිනයකි. ඔබේ කතාවේදී, ගමනේදී වඩාත් ප්‍රවේසම් වන්න. කල්පනාකාරී වන්න. එමෙන්ම ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. නව අදහස් උදහස් අනුව කටයුතු කළහැකි දිනයකි. සතුරු බලවේග ඉවතලා වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය – කහ පැහැය                                             ජය අංකය – 06

මකර ලග්නය

තමා හිසට තම අතමය හෙවනැල්ල. ඔබ අන් අය අතර කැපී පෙනෙන දිනයකි. නොසැලී කටයුතු කළහැකි දිනයකි. ව්‍යාපාර කටයුතු වලටද යහපත් දිනයකි. සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. අනිවාර්යයෙන්ම යම් තරමක බලාපොරොත්තු ඉටුවන දිනයකි.
ජය වර්ණය – ක්‍රීම් පැහැය                                                          ජය අංකය – 03

කුම්භ ලග්නය

අදායම් තත්වය යහපත් දවසක් . සිත් තැවුල් ඇතිවන දිනයකි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. කාර්යබහුල වන දිනයක් විය හැකිය. එමෙන්ම විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. වෘත්තිමය වශයෙන් යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය – ලා  නිල්  පැහැය                                                        ජය අංකය – 06

මීන ලග්නය

අන් අය ඔබෙන් උපදෙස් පතා එන දිනයකි. සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. නමුත් වියදම් ගැන නම් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – නිල් පැහැය                                                   ජය අංකය – 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post