News Line| Off Air
Generic placeholder image

Aug
26

ජනාධිපතිවරණය ලබන ජනවාරියේදී?

1238 Views


ජනාධිපතිවරණය ලබන ජනවාරියේදී?

මීළඟ ජනාධිපතිවරණය ගැන දැන්ම ඉදන් දේශපාලන වේදිකාවල කතා බහ වෙනවා. 2020 තමයි ජනාධිපතිවරණය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි ලබන අවුරුද්දේ මුලදි ජනාධිපතිවරණය පවත්වන සූදානමක් තියෙනවා කියලා ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලන එකඟතාවයකට අවොත් 2019 ජනවාරි මාසයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරයි කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ ගැන තිරය පිටුපස දැන්ම සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා.

පසුගියදා විපක්ෂයට එක්වුන 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනක් මේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක්ද මීට දායක වෙලා තියෙනවා.

කොහොම වුනත් ඒකාබද්ධයේ බහුතරක් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න ඕන කියන කියලයි වාර්තා වෙන්නේ.

දේශය පුවත්පත ඇසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post