ලංකාවේ දැවැන්තම ස්ට්‍රෝබෙරි සැණකෙළිය Grand Strawberry Fest 2018 අති සාර්ථකව අවසන් වුණා. දවස් 10 ක් පුරාවට සුපිරි ස්ට්‍රෝබෙරි අත්දැකීමක් විඳගන්න දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලැබුණා.
Grand Strawberry Fest 2018 ස්ට්‍රෝබෙරි සැණකෙළිය ආරම්භ කරේ නුවරඑළිය Grand Hotel පරිශ්‍රයේ ලෝකයේ විශාලම ස්ට්‍රෝබෙරි පීසා හදලා. ඒ දිනපතා විවිධ තරඟ රැසක් සංචාරකයන් වෙනුවෙන් පැවැත්වුණා. ඒ වගේම ජයග්‍රහකයින්ට අත හිත පිරෙන්න තෑගී භෝගත් ලැබුණා.
නුවරඑළිය වටේම රවුම් ගහපු ස්ට්‍රෝබෙරි බස් රථය, ළමා නිවාසයකට අරමුදල් එකතු කරන්න තිබ්බ පාගමන කාගේත් අවධානය දිනා ගත්තා. මේසා විශාල ස්ට්‍රෝබෙරි සැණකෙළියක් පවත්වන්න මූලිකත්වය අරගෙන කටයුතු කරේ නුවරඑළිය Grand Hotel සාමාන්‍යධිකාරී ඇතුළු කාර්ය මණ්ඩලය.
ඒ වගේම මේ සුපිරි ස්ට්‍රෝබෙරි සැණකෙළියට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත FM, සියත TV සහ සියත 24 වෙබ් අඩවිය. සියත FM Facebook හරහා සජීවීව මේ සියලු අත්දැකීම් අපි ඔබ වෙත ගෙන ආවා.
මේ තියෙන්නේ Grand Strawberry Fest 2018 අවසන් දවසේ ඡායාරුප.