News Line| Off Air
Generic placeholder image

Aug
27

බෙල්ජියමෙන් ගෙන්වන බස්නාහිර පළාත් සභාවේ සුපිරි පුටුවල පහසුකම් මෙන්න.

1574 Views


බෙල්ජියමෙන් ගෙන්වන බස්නාහිර පළාත් සභාවේ සුපිරි පුටුවල පහසුකම් මෙන්න.

ලංකාවේ දේශපාලනය හැම තිස්සෙම පුටු නිසා උණුසුම වෙනවා. මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන්නේ බස්නාහිර පළාත් සභාවේ සුපිරි පුටු ගැන. කතා බහට ලක්වුන සුඛෝපභෝගී පුටු මේ වෙද්දීත් ඇනවුම් කරලා කියලා අපිට වාර්තා වුණා.

ටෙන්ඩර් ක්‍රමයට ලංකාවේ සමාගමක් තමයි පුටු ගෙන්වන වැඩේ අරගෙන තියෙන්නේ. හැබැයි පුටු නිෂ්පදනය කරන්නේ බෙල්ජියමේ. මේ පුටුවක් රුපියක් 640.000 ක මුදලක් බස්නාහිර පළාත් මහ ඇමතිතුමා කිව්වේ. කොහොම වුනත් පුටුවක සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ 02ක් බවයි වාර්තා වෙන්නේ. ඉතිරිය රජයේ බදු හා වෙනත් ගාස්තු වෙනවා.

මේ සුඛෝපභෝගී පුටුවේ පහසුකම් මොනවද කියලත් හොයලා බැලුවා. අංශක 360ක් කරකැවිය හැකි වීම මේ පුටුවේ තියෙන විශේෂත්වයක්. ඒ පුටුව අවශ්‍ය විදියට සකස් කර ගන්නත් පුළුවන්.

කොහොම වුනත් මේ වෙද්දී පුටු ගණුදෙනුව තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. ඒ ගැන විමර්ශනය කරන්න කමිටුවක් පත් කරා කියලයි බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post