News Line| Off Air
Generic placeholder image

Aug
27

හොලිවුඩ් සිනමාවේ මිල අධිකම නිළිය බ්ලැක් විඩොව්. – Photo

1193 Views


හොලිවුඩ් සිනමාවේ මිල අධිකම නිළිය බ්ලැක් විඩොව්. – Photo

ස්කාලට් ජොන්සන් කියනවාට වඩා බ්ලැක් විඩොව් කිව්වම තමයි ඇය වඩාත් ජනප්‍රිය. මේ දිනවල තිරගත වෙන Avengers චිත්‍රපටියත් එක්ක ඇය තවත් ජනප්‍රිය වෙලා තියෙනවා.

මේ ජනප්‍රියත්වය නිසාම ඇයගේ අයකිරීම් පවා ඉහල ගිහින් තියෙනවා. ෆෝබ්ස් සඟරාවේ වාර්තාව අනුව මේ වනවිට හොලිවුඩ් සිනමාවේ අය කිරීම් අතරින් පළමු තැන ස්කාලට් ජොන්සන්ට හිමි වෙලා තියෙනවා.

2017 ජුනි මාසයේ සිට 2018 ජුනි දක්වා ඇය චිත්‍රපටයක් වෙනුවෙන් අය කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 40 දක්වා ඉහළ දමා තියෙනවා. පසුගිය කාලයේ එම ලැයිස්තුවේ මුල්තැන හිමිව තිබුණේ හොලිවුඩ් සරාගී නිළි ඇන්ජලීනා ජොලීට. ඇය මේ අවුරුද්දේ දෙවෙනි තැනට පත්වෙලා තියෙනවා.

තෙවැනි ස්ථානය හිමි වන්නේ 49 වැනි වියේ පසුවන ජෙනිෆර් ඇනිස්ටන්ට. ජෙනිෆර් ලෝරන්ස් 04 වැනි ස්ථානයට පත්ව ඇත්තේ චිත්‍රපටයක් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 18ක් අය කරමිනි. රීස් විතර්ස්පූන් චිත්‍රපටයක් වෙනුවෙන් අය කරනු ලබන මුදල ඇ.ඩො. මිලියන 16.5කි. එම හේතුවෙන් ඇය මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවෙයි.


News Articles
Latest Videos
Most Popular Post