News Line| Off Air
Generic placeholder image

Aug
27

බෝල 24 න් 23 ක් ම ඩොට් බෝල් දාපු ලෝකයේ උසම වේග පන්දු යවන්නා. – Video

1552 Views


බෝල 24 න් 23 ක් ම ඩොට් බෝල් දාපු ලෝකයේ උසම වේග පන්දු යවන්නා. – Video

පන්දු යවන්නේක්ගේ තියෙන එකම බලාපොරොත්තුව කඩුලු දවා ගන්න එක. එහෙම නැත්නම් ලකුණු නොදී තියා ගන්න එක. හැබැයි ඉතිං T20 තරඟයක Wicket ගන්නවා වගේම Dot බෝල් දාන්නත් ලේසි නෑ.

මේ දවස්වල පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඒ දක්ෂතා පෙන්වන්න ලෝකයේ උසම පන්දු යවන්නා සමත් වුණා. T20 පළමු පෙළ තරග ඉතිහාසයේ පන්දු යවන්නකු විසින් යැවූ හොඳම නිලකුණු ඕවර සංඛ්‍යාව යවමින් නව ලෝක වාර්තාවක්‌ පිහිටුවීමට ඉර්ෆාන් සමත් වුණා.

ඔහු යවපු පන්දු 24 න් 23 ක් ම Dot බෝල්. ඒ වගේම කඩුලු 2 ක් දවා ගන්නත් සමත් වුණා. ඒ වගේම මුහම්මද් ඉර්ෆාන් ලෝකයේ උසම වේග පන්දු යවන්නෙක් වෙනවා. ඔහු අඩි 7 යි අඟල් 1 ක් උසයි.

“ඇත්ටම මට ගොඩක්‌ සතුටුයි විස්‌සයි විස්‌සේ වාර්තාගත පන්දුයෑවීමක්‌ සටහන් කිරීම ගැන. මම කැමැතියි කඩුලු ගන්න. ඒ වගේම මගේ උසත් එක්‌ක අමතර ඉපිලීමක්‌ සහිතව පන්දු යෑවීමත් මට වාසියක්‌” ඉර්ෆාන් තරඟයෙන් පස්සේ මාධ්‍යට කිව්වේ.

https://youtu.be/BotR2lY5LdM


News Articles
Latest Videos
Most Popular Post