News Line| Off Air
Generic placeholder image

Aug
27

හිටපු යුධ හමුදාපති ජීවිත මෙහෙයුමට සමුදෙයි.

956 Views


හිටපු යුධ හමුදාපති ජීවිත මෙහෙයුමට සමුදෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන එතුමා 77 වැනි වියෙහි පසුවුණා. දළුවත්ත මහතා 1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්වෙනවා. 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස ඔහු පත්වීම් ලබනවා.

රිවිරැස මෙහෙයුමටද රොහාන් දළුවත්ත මහතා නායකත්වය දීලා තියෙනවා. රණබිමේ දක්වපු දක්ෂතා නිසා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා පදක්කම හා උත්තම සේවා පදක්කමින් රැසකින් ඔහු පිදුම් ලබා තියෙනවා.

රොහාන් දළුවත්ත මහතා 1998 වසරේදී හමුදා දිවියෙන් විශ්‍රාම ගත්තා. පසුව ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post