News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

දෑවැද්ද නොදුන් නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා බිරිඳව ගෙදරින් පන්නයි.

4177 Views


දෑවැද්ද නොදුන් නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා බිරිඳව ගෙදරින් පන්නයි.

දෑවැද්ද කියන්නේ අතීතයේ විවාහයක අනිවාර්ය අංගයක්. හැබැයි අද කාලයේ දෑවැද්ද ගොඩක් අය කුණු කුඩයට දාලයි තියෙන්නේ. මොකද සැබෑ ආදරයකට භෞතික දේවලින් වඩක් නැති නිසා.

ඒ කොහොම වුනත් තාමත් සමහර ආසියාතික රටවල දෑවැද්ද නිසා ගොඩක් තරුණියන් දුක් විඳිනවා. බංගලාදේශය ක්‍රිකට් ක්‍රීඩක මොසාඩ්ඩෙක් හුසෙයින් සයිකට් බිරිඳ දෑවැද්ද දුන්නේ නැති නිසා ගෙදරින් එළවලා.

මොසාඩ්ඩෙක් හුසෙයි දෑවැද්ද ඉල්ලලා තමන්ට වද හිංසා කරා කියලා බිරිඳ ඔහුට විරුද්දව නඩු දාලා තියෙනවා. අවුරුදු 22 ක් වයස මොසාඩ්ඩෙක් හුසෙයි සිය ඥාති සහෝදරියක් වන ෂාමින් සමිරා උෂා සමග විවාහවෙලා තියෙන්නේ මිට අවුරුදු 06 කට කලින්. එහිදී අමෙරිකානු ඩොලර් 12,003 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1.9 ක්) දැවැද්දට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post