News Line| Off Air| Games
Generic placeholder image

Aug
28

සකර්බර්ග් හමුදා ප්‍රධානීන්ගේ Facebook ගිණුම් තහනම් කරයි.

511 Views


සකර්බර්ග් හමුදා ප්‍රධානීන්ගේ Facebook ගිණුම් තහනම් කරයි.

පාසල් ශිෂ්‍යයාගේ ඉඳලා රාජ්‍ය නායකයා දක්වාම Facebook එකේ ඉන්නවා. සකර්බර්ග් හිටි හැටියේම හමුදා ප්‍රධානීන්ගේ Facebook ගිණුම් තහනම් කරලා

ඒ මියන්මාරයේ හමුදා යුධ හමුදාපතිවරයා ඇතුළු ප්‍රධාන පෙලේ හමුදා නිලධාරින් පිරිසකගේ. මියන්මාරයේ සිදුව ඇති බව කියන සමුල ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වෙලා නිසා තමයි සකර්බර්ග් මේ තීරණය අරගෙන තියෙන්නේ.

මියන්මාරය සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුම් 18ක් සහ ෆේස්බුක් පිටු 52 ක් Facebook සමාගම තහනම් කරලා තියෙනවා. මිට අමතරව ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්ද අත්හිටුවීමට පියවර ගත්තා කියලා Facebook සමාගම ප්‍රකාශ කරනවා.

දැනට තහනම් කරලා තියෙන Facebook සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල පරිශීලිකයින් මිලියන 12ක් පමණ ඉන්නවා. මියන්මාර හමුදා ප්‍රධානින් විසින් සාවද්‍ය තොරතුරු සහ ජාතින් අතර මතභේද ඇතිවන ආකාරයේ තොරතුරු පලකිරීමට මෙම ගිණුම් යොදාගෙන කියලයි Facebook සමාගම කියන්නේ.

කොහොම වුනත් සාවද්‍ය තොරතුරු හුවමාරුවීම නතර කිරීමට පියවර නොගැනීම නිසා සකර්බර්ග්ට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හොදටම දොස් අහන්නත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post