රජයේ සේවකයින්ට පඩි වැඩි කරනවා කියන්නේ හරියට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. එක කොටසකට වැඩි කරද්දී අනිත් අය කෑගහනවා. එයාලට වැඩි කරද්දී වෙනත් අමාත්‍යංශයක අය වැඩි පඩි ඉල්ලනවා.
මේ දවස්වල දුම්රිය වෘත්තීය සමිති පඩි වැඩි කරන්න කියලා වැඩවර්ජනය කරනවා. ඊයේ ඔවුන්ට යහපත් විසඳුමක් ලැබුණා. ඒ නිසා 29 වෙනිදා කරන්න තිබ්බ වැඩ වර්ජනයත් නැවැත්වුවා. හැබැයි ඒ ප්‍රශ්නය අවසන් වෙද්දී තවත් කට්ටියක් වැඩි පඩි ඉල්ලන්න පටන් අරන්.
ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති. දුම්රිය සේවයේ වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නම් ඊට සමගාමීව සිය වැටුප් ද වැඩි කරන්න ඕන කියලා සෞඛ්‍ය වෘත්තීය සමිති කියනවා. ඊයේ අමාත්‍ය රාජිත් සේනාරත්න සමග කරපු සාකච්ඡාවකදී බව කිව්වේ.
රාජිත ඇමතිතුමා නම් කිව්වේ දුම්රිය සේවය විතරක් විශේෂ කරලා වැටුප් වැඩිවීමක් කරන්නේ නෑ කියලා. සමස්ථ රාජ්‍ය සේවයේම පවතින වැටුප් විෂමතා සොයා බලන්න විශේෂ ජනාධිපති කොමිසමක් ඉකුත්දා පත් කෙරුණා.