News Line| Off Air
Generic placeholder image

Aug
29

කිසිදා ලොව නුදුටු කෙනෙකුට ඇස් දන් දී නොඑන ගමන් ගිය සියතේ ලහිරු. – VIDEO

17494 Views


කිසිදා ලොව නුදුටු කෙනෙකුට ඇස් දන් දී නොඑන ගමන් ගිය සියතේ ලහිරු. – VIDEO

ජීවිතයත් හරියට තණ පතක් අග රැඳී පිනි බිදුවක් වගේ. කොයිවෙලේ මේ ලෝකය අතහැරලා යන්න වෙයිද කියන්න බෑ. ඒ වගේම තමයි මේ ලෝකයට අවොත් අනිවාර්යෙන් යන්න වෙනවා.

හැබැයි අවාසනාවකට වගේ මේ ලෝකයේ වැඩිම කාලයක් ඉන්න ඕන අයට තමයි ඉක්මනටම යන්න වෙන්නේ. සියත මාධ්‍ය ජාලයේ දත්ත සැකසුම් කරුවෙක් විදියට සේවය කළ ලහිරු නිශාද් ප්‍රනාන්දු සොයුරා හදිසියේම අභාවප්‍රාප්ත වුණා. ඒ පහුගිය සඳුදා (27) පානදුරේදී රිය අනතුරකින්.

ඔහුගේ දේහය නො.05, රෝහිණි වත්ත, කළුදෑවල, පානදුර ලිපිනයේ පිහිටි නිවසේ තියෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු 30 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට දිබිබැද්ද පොදු සුසාන භූමියේදී සිදු කරන්න නියමිතයි.

ලහිරු හැර යන්නේ නිකන්ම නෙවෙයි මෙලොව එළිය දකින්නට වරම් නැති අයෙකුට ලෝකය දකින්නට ඔහුගේ අස් දෙක පූජා කරලා. ඔහුගේ දෙමාව්පියන් තමයි මේ තීරණය අරගෙන තිබුණේ. ශරීරයේ අනිත් අවයව දන් දෙන්න හැදුවත් අනතුරින් ශරීරයේ අභ්‍යන්තරයට සිදුවුන හානිය නිසා ඒ අවයව ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා.

ලහිරු සියත පවුලට නුඹ ආයෙත් නොඑනු ඇත. නමුත් නුඹගේ මතකයන් සදා අප හදවත් තුල අමරණියව රැඳී තියේවි. සොයුර ඔබට නිවන් සුව.

https://youtu.be/3vzMO0-9JMM?list=PLUEpHrFKJbDmc7UpIn7tLPULLp54E50ML


News Articles
Latest Videos
Most Popular Post